පාරිභෝගික අධිකාරියේ තිත්ත ඇත්ත විධායක අධ්යක්ෂ මාධ්‍යයට හෙළිකරයි
පාරිභෝගික කටයුුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්යක්ෂ තනතුරින් ඉවත්වීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බව එහි විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි.
හිරු ටීවී හි Hard Talk වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ඉල්ලා අස්වීමට ගත් තීරණයේ වෙනසක් නෑ. මේක අද ඊයේ ගත් තීරණයක් නෙමෙයි. අන්තිමට වුණ සුදු ළුණූ කන්ටේනරය පිළිබඳ ප්‍රශ්ණය. ගිවිසුම් වගයක් ගහන්න හදනවා ඒවට මම එකඟ නෑ..
සුදු ළුනු ප්‍රශ්නයට සම්බන්ධ බව කියන හතර දෙනා බොහොම පහළ අය. මීට ඉස්සර වෙලා උඳු කන්ටේනර් එකක්. සීනි ගෙනිහිල්ලා තිබෙනවා. පිටි ගෙනිහිල්ලා තිබෙනවා.
එච්චර ගණන් වලින් ගෙනියන් නිලධාරීන් විතරක් හවුල් වෙලා කරන්න බෑ. මම දැකලා තියෙනවා සභාපතියි ප්‍රධාන විධායක නිලධාරීයි දන්නේ නැතිව මේක වෙලා තියෙන්නේ කියලා.
තමන්ගේ යටතේ ඉන්න නිලධාරී කරන එක දන්නේ නැත්නම් එතන ඉන්න එකත් වැරදියි.
කිරිපිටි, සිමෙන්ති, පාන්පිටි ආනයනකරුවන් සමග ගිවිසුමක් අත්සන් කරන්න (රාජ්‍ය ඇමති) හිටියා. ඒ ගිවිසුම රටට හානි කරයි. එකෙන් වෙන්න අධිකාරියට තිබෙන බලතල තව ටිකක් නැතිවෙලා යනවා.ආනයනකරුවන්ට හොඳයි.
මේවා මම එතුමට (ජනපතිතුමාට) ලිඛිතව දැනුම් දුන්නා. එතුමත් ඒක දන්නවා. එතුමත් ලොකු උත්සාහයක් ගන්නවා මේවා නිවරදි කර ගන්න.
අධිකාරිය ඇතුළෙනුත්, අමාත්‍යාංශවලිනුත් ලොකු බලපැම් කරනවා. මට තර්ජනාත්මක කෙටි පණිවිඩ එවනවා. දුරකතන ඇමතුම් දෙනවා මහ රෑ. මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් ලිඛිතව පැමිණිල්ලක් කළා. තාම විමර්ශනයක් කළෙ නෑ.
අපි ආවේ සෞභාග්‍ය යේ දැක්ම හදන්න. පොරොන්දු වුණ දේවල් කරන්න. දැන් ඒක සිද්ධ වෙන්නේ නෑ. ඒක කට්ටියන්ට අමතක වෙලා. බෙරේ කැඩිලා තියෙන්නේ. කවුරු ගැහුවත් සද්දේ එන්නේ නෑ.”
popular news
-
samson de silva Sunday, 19 September 2021 11:16 PM
Onna konda pana thiyena usas niladaariyek. Oba karanne ithaa wishaala jaathika mehewarak. Obata sthuthiyi. Mey andamata rajaye aayathanawala akramikathaa janathaawata heli karana aya innawaanam mey ratata wana naspeththiya nawathwanna puluwan.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

