පාර්ලිමේන්තු අසුනකට ඇතැම් භික්ෂූන්වහන්සේලා අරගල කරනවා - අගමැති
පාර්ලිමේන්තු අසුනක් ලබා ගැනීමට ඇතැම් භික්ෂූන් වහන්සේලා අරගල කරද්දී උගත් බුද්ධිමත් සඟ පරපුරක් බිහි කිරීම උදෙසා ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය දක්වන සුවිසල් දායකත්වය සතුටට කරුණක් බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, අංක 70, ගාලු පාර, කොළඹ 06 යන ස්ථානයේ ස්ථාපිත අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
&මහනුවර යුගයේදී පැවිදි උපසම්පදාව සමාජයේ එක් කොටසකට පමණක් සීමා වුණා. මේ නිසා සියලු ශ්‍රී ලාංකික කුලපුත්‍රයන්ට පැවිදි උපසම්පදාව ලබාගත හැකි ලෙස අමරපුර නිකාය බිහි වුණ බවටයි ශාසනික ඉතිහාසයේ සඳහන් වන්නේ. උගත් බුද්ධිමත් සඟ පරපුරක් බිහි කිරීමට අමරපුර නිකාය දායක වුණා. ඒ අනුව වස්කඩුවේ ශ්‍රී සුභූති හාමුදුරුවෝ, පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ, මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවෝ, පිංවත්තේ දේවානන්ද හාමුදුරුවෝ, බම්බලපිටියේ නාරද හාමුදුරුවෝ, වජිරාරාම විහාර වාසී පියදස්සී හාමුදුරුවෝ, හීනටියන ධම්මාලෝක හාමුදුරුවෝ, දවුල්දෙන ඥානිස්සර හාමුදුරුවෝ වගේ කීර්තිමත් යතිවරයන් වහන්සේලා විශාල පිරිසක් අමරපුර නිකායෙන් බිහි වුණා.
අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හාමුදුරුවෝ තමයි අමරපුර නිකායේ වර්තමාන උත්තරීතර මහනායක හිමිපාණන් වහන්සේ. උන්වහන්සේ උත්තරීතර මහනායක පදවියට පත් වන්නේ 2017 වර්ෂයේදී. උන්වහන්සේ දහස් ගණනින් ධර්ම දේශනා පවත්වනු ලැබුවා. අපේ මහනායක හාමුදුරුවෝ විශාල ශාසනික සේවාවක් ඉටු කරමින් සිටිනවා. උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
වර්තමානයේ ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු අසුනක් ලබාගැනීම සඳහා අරගල කරද්දී මෙවැනි ශාසනික සේවාවන් සිදුවනු දැකීම පවා සතුටට කරුණක්. අභිනවයෙන් විවෘත කරනු ලැබූ අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය මෙරට සුවිශාල ශාසනික සේවාවක් සිදුකරන කේන්ද්‍රස්ථානයක් වේවා* යනුවෙන්ද පවසා සිටියේය.
popular news
-
Demuni Uduwara Monday, 17 August 2020 12:21 AM
You and your should be held responsible for this distressful erosion. Since D S Senanayaka's time UNP has never taken Buddhist monks for their politics.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

