පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමෙන් විදේශීය සංචාරකයන් ආකර්ශනය කරගැනීමට ඇති හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
අද (12) මහනුවර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් තෙල්දෙණිය, බස්නැවතුම පිටුපස පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට පාරම්පරික වෛද්‍යවරයෙකු ඉදිරිපත් කළ යෝජනාවලිය භාර ගනිමින් එතුමා මේ බව සඳහන් කළේය.
ස්වයං රැකියා සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ග්‍රාමීය ණය ඉල්ලුම් කිරීමේදී ඇතිවන ගැටලු රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කර විසඳීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා කීය. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කුණ්ඩසාලේ, මැණික්හින්න, පිටවල, සංවිධාන කර තිබූ ජන හමුවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පාතදුම්බර, යටිවාරණ විහාරස්ථානය අසළ සංවිධාන කර තිබූ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද කථා බහක නිරත විය.
