පානදුර මූලික රෝහලේ ගොඩගැසී තිබූ කොවීඩ් මළසිරුරු ආදාහනයට
පානදුර මූලික රෝහලේ ගොඩගැසී තිබූ කොවීඩ් මළසිරුරු සියල්ල අද දින ආදාහනය කර අවසන් කරන බව රෝහලේ වෛද්‍ය අධිකාරී ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය පැවසුවාය.
නීතිමය කටයුතු හේතුවෙන් ගොඩගැසී තිබූ කොවීඩ් 19 ආසාදනය වී ඇති මළසිරුරු 34 ක් මෙසේ ආදාහනය කිරීමට කටයුතු කල බව ඇය පැවසුවාය.
(06දා) මළසිරුරු 10 ක්, (07දා) මළසිරුරු 12 ක් ආදාහනය කළ බවත් , අද දිනයේ මළසිරුරු 12 ක් වශයෙන් ආදාහනය කිරීමට නියමිත බවත් ඇය පැවසුවාය.
පානදුර නගර සභාව සහ ප්‍රාදේශීය සභා වලට අයත් ගොරකාන, මිනුවන්පිටිය, මාලමුල්ල සහ වාද්දුව වේරගම ආදාහනාගාර දිසාපති තුමාගේ උපදෙස් පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක කරමින් සහයෝගය ලබාදී ඇති බවත් පැවසේ.
කළුතර දිසාපති ප්‍රසන්න ගිනිගේ සහ කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක උදය ආර් රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙසේ ක්‍රියා කිරීමට කටයුතු කළ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය .
පානදුර සුමිත් ප්‍රේමතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
