පානදුර පොලිසියේ නිලධාරීන් 5 ක් ස්වයං නිරෝධනයට
කොරෝනා වෛරසය ආසාධිත මියගිය තරුණයෙකුගේ පරීක්ෂණ කටයුතු වලට සහභාගි වූ පානදුර පොලිසියේ කාන්තා නිලධාරිනියක් ඇතුළුව පොලිස් නිලධාරීන් 5 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක් කිරීමට අද (2) පියවර ගත් බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය
පොලිස් පරීක්ෂක වරයෙක් , උප පොලිස් පරීක්ෂක වරයෙක්, පොලිස් සැරයන් වරයෙක් , පොලිස් කොස්තාපල් වරයෙක් හා කාන්තා පොලිස් කොස්තාපල් වරියක් මෙලෙස නිරෝධනයට ලක්කර ඇත .
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරිනියක් ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු හා පානදුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පොලිස් නිලධාරියකු මෙලෙස නිරෝධාය ට ලක් කර ඇත
ඉකුත් 31 වෙනි දින පානදුර ප්රදේශයේ 27 හැවිරිදි තරුණයෙක් ගෙන වැලලාගෙන මිය යාමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයට සමගාමීව සිදු කළ පි සි ආර් පරීක්ෂණයේදී එම තරුණයා ට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය විය
ඒ හේතුවෙන් පරීක්ෂණ කටයුතු වලට සහභාගි වූ පොලිස් නිලධාරීන් මෙලෙස නිරෝධානයට කලබව ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
