ශ්‍රී ලාංකික ඇගලුම් කර්මාන්තශාලා කළමනාකරුවෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා පාකිස්තානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කර දැමීමේ සිදුවීම තමන් හෙළි දකිමින් එරට සෙනෙට් මණ්ඩලය ඒකමතික යෝජනාවක් සම්මත කරගෙන ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
සෙනෙට් මණ්ඩලයේ සභානායක ෂාසාඩ් වසීම් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, එහිදී මෙම අමානුෂික ඝාතනයට සම්බන්ධ වූවන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඉල්ලා තිබේ. එසේම මෙවැනි ප්රචණ්ඩත්වයක් පාකිස්තානයේ ආගමික ඉගැන්වීම් තුළ නොමැති බවත් එම යෝජනාවේ සඳහන්ව ඇතැයි පාකිස්තාන මාධ්‍ය පවසයි.
ඒ අනුව එම යෝජනාවේ පිටපතක් මිය ගිය ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ ඥාතීන් වෙත ලබා දීම සඳහා පාකිස්තාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය, සෙනෙට් මණ්ඩල සභිකයන් ඇතුළු පිරිසක් ළගදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි සඳහන් වෙයි.
භානුක අමරසිංහ