ගායන ශිල්පිනී ප්රියානි ජයසිංහ මහත්මිය ඝාතනය කළ ඇයගේ සැමියා අද (09දා) උදෑසන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (08දා) මෙම ඝාතනය සිදු වූ අතර පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලීසිය ඇයගේ සිරුර පානදුර පිහිටි නිවසේදී සොයාගෙන තිබිණි.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීස් පරීක්ෂණ ආරම්භ කළ අතර සැකකරු පලාගොස් සිටියදී අද (09දා) උදෑසන පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ..
