ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමෙන් පසුව පකිස්ථානයේ කර්මාන්ත ශාලාවල කටයුතුවලට බාධා එල්ල වී ඇති බවත් විදෙස් රටවල් සමග පවත්වන වෙළෙඳ සබඳතාවලට මෙම සිද්ධිය බලපෑමක් ඇති කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් රටවල සිට පැමිණීමට නියමිතව සිටි විගණන නිලධාරීන්, විදෙස් ශ්‍රමිකයින් ඇතුළු පිරිස් පකිස්ථානයට පැමිණීම කල් දමා ඇති බවට එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.
මෙම තත්ත්වය හමුවේ සියල්කොට්හි අපනයන කර්මාන්තය යම් පසුබෑමකට ලක්ව ඇතැයි සියල්කොට් වාණිජ මණ්ඩලය පවසයි.