පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියාල්කොට්හිදී සිදු වූ අමානුෂික පහරදීමකින් ශ්‍රී ලාංකික ඇගලුම් කර්මාන්තශාලා කළමනාකරුවෙකු ඝාතනයට ලක්වීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ දක්වා එම කර්මාන්තශාලාවේ සේවකයන් 345 දෙනෙකු අත්අඩංගුට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
එම සිදුවීම අවස්ථාවේදී ආරක්ෂිත කැමරා සහ ජංගම දුරකතන තුළ ඇතුළත්ව තිබූ දර්ශන අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ. මෙහිදී ඔවුන් පිරිස ඉදිරි පරීක්ෂණ සඳහා අනාවරණය නොකළ ස්ථානයක රඳවා තබා තිබෙන බවත් පොලිසිය සඳහන් කරයි.
මේ අතර සිදුවීමෙන් අනතුරුව පලාගොස් සිටින ඊට ඍජුවම සම්බන්ධතාවක් දැක්වූ එම කර්මාන්තශාලාවේ සේවකයන් සොයා තවදුරටත් අනෙකුත් දිස්ත්‍රික්ක තුළද මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පැවසෙයි. එහිදී සියාල්කොට් පළාතට අමතරව ගුජරාට්, නරෝවාල්, ලොදාර්න්, රහිම් යාර් ඛාන් සහ ගුජ්රන්වාලා යන ප්රදේශවලදීද අත්අජංගුවට ගැනීම් සිදු කර තිබේ.
තත්ත්වය මෙසේ පවතිද්දී අදාළ සිදුවීම හටගත් සියාල්කොට්හි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් ඇගලුම් කර්මාන්තශාලාව වෙත පිට පිට දෙවැනි දිනටත් පැමිණි සේවකයන් සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවක් දැකගත හැකි වූ බවත් පාකිස්තාන මාධ්‍ය සඳහන් කරයි.
භානුක අමරසිංහ