ප්‍රියන්ත ඝාතනය පාකිස්තාන ආරක්ෂක ඇමති සාධාරණීකරණය කරයි?
පාකිස්තානයේ සියල්කොට් හි ශ්‍රී ලාංකික කළමණාකරුවෙකු කෘර ලෙස ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය පර්වේෂ් ඛට්ටාක් කළ ප්‍රකාශයක් මේ වන විට මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ.
අදාළ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් පර්වේශ් සඳහන් කරන්නේ එය එම අවස්ථාවේදී හැගීම්බර වූ තරුණයින් පිරිසක් කළ දෙයක් බවවයි.
එවැනි සිදුවීම් සෑම විටම සිදුවන බවත් "ඉස්ලාම් ආගම ප්‍රහාරයට ලක් වූ බවට තරුණයන්ට හැඟෙන විට ඔවුන් එය ආරක්ෂා කිරීමට ප්‍රතිචාර දක්වනවා" යැයි ඔහු පවසයි. එවන් අවස්ථාවලදී ඝාතනයන් සිදුවන බවත් පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය පාකිස්තාන මෙන්ම ජාත්‍යන්තර මාධය තුළ විවේචනයට ලක්ව තිබේ.
popular news
-
Demuni Uduwara Monday, 06 December 2021 09:19 PM
Don't highlight religion towards a gruesome lynching !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

