ප්‍රියන්ත කුමාර ඝාතන නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවීමට පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
ප්‍රියන්ත කුමාර ඝාතන සිද්ධියේ නඩු විභාගය දිනපතා සිදු කිරීමට ද පංජාබ් පළාත් රජය තීරණය කර තිබේ.
ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයට ලක්කිරීම සම්බන්ධයෙන් වන නඩුව දින 14ක කාලයක් තුළ අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ද දැනුම් දී ඇති බව සඳහන් වෙයි.