ශ්රී ලංකාවේ ප්රියන්ත කුමාර දියවඩන මහතා කෘර ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් 33ක් පාකිස්තාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට එසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 52ක් රිමාන්ඩ් භාරයට පත්කර තිබේ. සැකකරුවන් පාකිස්තානයේ ත්රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරයි.