ප්‍රියන්ත කුමාර මහතා කෘර ලෙස ඝාතනය කළ පාකිස්තානයේ සියාල්කොට්හි අන්තවාදීන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීමට සියාල්කොට් දිස්ත්‍රික් නීතිඥ සංගමය තීරණය කර තිබේ.
ඊයේ (08දා) එම නීතිඥ සංගමයේ පැවැති රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. මේ දක්වා අදාළ සිදුවීමට පුද්ගලයන් 340කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේත
ඊයේ දිනයේදී සැකකරුවන් 8ක් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටියහ. ඒ අනුව සැකකරුවන් එළැඹෙන 13 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.