සහල්, හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සඳහා ප්රධාන පෙළේ වී මෝල් නොකඩවා විවෘත කර තැබීමට රජය තීරණය කර ඇත.
පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති හමුවකදී මෙම තීරණය ගෙන ඇති බවයි අග්රාමාත්ය කාර්යයාලය විසින් නිවේදනය කළේය.
