මෙවර පැවැත්වෙන මැතිවරණයේදී විෂබීජ නාශක දියර වෙනුවෙන් පමණක් රුපියල් කෝටි සියයක පමණ මුදලක් වැය වනු ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය සඳහන් කර සිටියි.
මැතිවරණයට වැය වෙන මුදල ප්රමාණයෙන් වැඩි වුනත් කවුරුවත් වරදවා සිතන්නට උවමනා නැති බවත් ප්රජාතන්ත්රවාදය මිල අඩුවෙන් ලබා ගත නොහැකි භාණ්ඩයක් බවත් ඒකාධිපතිවරනය ඉතාමත් අඩු මුදලකට ලබා ගත හැකි බවත් ඔහු පැවැසීය.
කුමන ආකරයකින් හෝ මැතිවරණයට වැය වන මුදල කෝටි දහසකට අඩුවෙන් තබා ගැනීමට උත්සාහ කරන බව සභාපතිවරයා සදහන් කළේය.
ඔහු මේ බව සඳහන් රජයේ ප්රවෘත්ති දොපර්තමේන්තුව හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
