පළාත් සභා ඡන්දය තෙක් රනිල් නායකත්වයේ?
පළාත් සභා ඡන්දය තෙක් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් තීරණය කර තිබේ.
ඊට අමතරව හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ නායකත්වය යටතේ පක්ෂ ප්රතිසංවිධාන කටයුතු කළ යුතු බවටද මෙහිදී අදහස් පළ වී ඇත.
මහ මැතිවරණ ප්‍රතිඵල සමාලෝචනය කිරීමෙන් පසුව ක්‍රියාත්මක කළ යුතු එක්සත් පක්ෂ ප්රතිසංවිධාන කටයුතු හැකි ඉක්මනින් ඇරඹීමට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ඊයේ (12දා) පැවැති සාකච්ඡාවේදී තීරණය කර තිබේ.
පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේකොළඹ 03 පස්වන පටුමගේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උපනායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, දයා ගමගේ, පාලිත රංගේ බණ්ඩාර සහ අර්ජුන රණතුංග යන මහත්වරු සහභාගි වූහ.
කුමන නායකත්වයක් යටතේ වුවත් කඩිනමින් ප්රතිසංවිධාන කටයුතු කළ යුතු හෙයින් ඊට අදාළ මූලික පියවර වහා ක්‍රියාත්මක කිරීම කෙරෙහි සාකච්ඡාවට සහභාගි වූ වැඩි දෙනෙක්ගේ අවධානය යොමු වූ බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව පිරවීම පිළිබඳ මෙහිදී අවසන් තීරණයක් නොගත්තද හෙට (14දා) පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණයකට පැමිණීමටද තීරණය කර ඇත. නායකත්වය පිළිබඳවද අවසන් තීරණය එහිදී ගැනීමට නියමිතය.
popular news
-
Champa Thursday, 13 August 2020 02:03 PM
මහින්දට පිටිපැස්සෙන් පිහියෙන් ඇනපු සිරිසේනට මහින්දගේම පිටේ නැගලා පාර්ලිමේන්තු එන්න හොඳ නම්, සිංහල බෞද්ධ විරෝධී අලි සබ්රිට සහ උතුරේ පන්සල් තිබුනට විරෝධය පාපු සුරේන් රඝවාන්ට පොහොට්ටු ලැයිස්තුවෙන් එන්න හොඳ නම්, ජාතිවාදී මරික්කාර්, මුජිබර්, මනෝට සජබෙන් පාර්ලිමේන්තු එන්න හොඳ නම්, බතියුදීන්ටත් පාර්ලිමේන්තු එන්න හොඳ නම්, බෙදුම්වාදී සුමන්තිරන් සහ විග්නේශ්වරන්ටත් පාර්ලිමේන්තු එන්න හොඳ නම්, මිනීමැරුම් නඩු තියෙන හිටපු එල්ටීටී පිල්ලියාන්ටත් පාර්ලිමේන්තු එන්න හොඳ නම්, අජබප ලේකම් හාමුදුරුවෝ පක්ෂෙට වංචාවක් කරලා පාර්ලිමේන්තු එන්න හොඳ නම්, තව ටික දවසකින් මරණ දණ්ඩනය නියම වුනු චොකා මල්ලිටත් පාර්ලිමේන්තු එන්න හොඳ නම්, රනිල් පාර්ලිමේන්තු ආවහම මොකොද? අර හැමෝටම ප්රජාතන්ත්රවාදය වලංගු නම්, රනිල්ටත් වලංගු වෙන්න එපෑය. අනික කවුරුවත් රනිල්ගේ මනාප ගාන දන්නේ නැහැ. ලොකු ගානක් වෙන්න ඇති නැත්නම් ගණන් කරන්න නොදී ඉඳියිද? එතෙක් මෙතෙක් ලංකා දේශපාලනයේ හිටිය ලොකුම මොළකාරයා, ජේ ආර් හිතන්න ඇති එජාපෙ කවදාහරි බින්දුවට වැටුනොත් අඩු ගානේ පක්ෂ නායකයට හරි පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පුළුවන් විදිහේ චන්ද ගැටයක් ගහලා තියන්න.
Reply : 0 0
Dayan Thursday, 13 August 2020 03:59 PM
Hon. Prime Minister wants for him to stay back,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

