සබරගමුව ,මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින හරහා විශේෂයෙන් උතුරු ,උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට ,ත්‍රිකුණාමලය මහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කි.මි (40 -50) දක්වා තද සුළං ඇති විය හැකියි.
බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණිමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වෙරළ ආසන්නයේ ජිවත්වන ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුයි.
