හෙට(28) පෙරවරු 8.00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත.
මධ්‍යම, සබරගමුව, බස්නාහිර , වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 පමණ තදවැසි ඇතිවිය හැකි ය.