ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් වයඹ, මධ්‍යම, සබරගමුව, දකුණ, හා ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය පුරා තවදුරටත් පවතින් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බවත් මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ හා වයඹ පළාත්වල ඇතැම් ස්ථාවලට මිලි මිටර් 100-150ත් අතර තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අවාදාත්ම නිවේදනයක දැක්වෙයි.
ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු හා පැයට කිලෝමීටර් 70-80 ක පමණ කෙටිකාලීන තද සුළංද ඇතිවිමේ හැකියාව පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.