පහර කෑමට ලක් වූ පාලිත තෙවරප්පෙරුම රෝහලේ
බිමල් ෂ්‍යාමන් ජයසිංහ
හිටපු රාජ්‍ය අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා කිසියම් පිරිසකගේ පහර කෑමකට ලක්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මතුගම පොලිසිය කියයි .
මතුගම වෑකන්දල ප්‍රදේශයේ පානීය ජල නළ පද්ධතියට බට එලන අයුරු පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් සමග බහින් බස් වීමක් ඇති වීමෙන් අනතුරුව ඇති වූ පහර දීමකින් හිටපු අමාත්‍ය වරයා අසල ඇති කාණුවකට ඇද වැටී ඇති බව පොලිසිය කියයි .
හිටපු අමාත්‍ය වරයාගේ වම් පාදයට බරපතළ තුවාල සිදු වී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
මීට පෙර අවස්ථාවක අමාත්‍ය වරයා එම ස්ථානයට ගොස් එම සේවකයන් සහ නිලධාරීන් සමග බහින් බස් වීමක් සිදු වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි .
හිටපු අමාත්‍ය වරයා මේ වන විට කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ශල්‍යකර්මයකට ලක් කිරීමට නියමිතව ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
මතුගම පොලිසිය පරීක්ෂණ පවත්වයි .


popular news
-
Champa Thursday, 23 July 2020 09:01 AM
පාලිත වැටිලා තියෙන්නේ ඉලෙක්ට්රෝෂොක් වෙපන් එකකින් නිකුත් කරපු විදුලි දහරාවකින් කල පහර දීමකින්. පිට පිට තුන්පාරක් පාලිතට ප්‍රහාරය එල්ල කරලා. අධි විදුලි ධාරිතාවක් ඇඟට වැදුණු නිසයි පාලිත වීසි වෙලා වැටිලා තියෙන්නේ. මේවයින් ස්නායු පද්ධතිය තාවකාලිකව අකර්මන්‍ය වෙනව. ඉලෙක්ට්රෝෂොක් වෙපන් පාවිච්චිය ලංකාවේ තහනම් නැත්නම් වහාම තහනම් කල යුතුයි. මේක අති භයානක ප්‍රවණතාවයක්. ලංකාවේ මිනිස්සු අතේ මේවා තියෙන බව දැන ගත්තෙත් පාලිතට කරපු ප්‍රහාරයෙන්. පාලිත ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

