පොහොට්ටුවේ 41 දොනම GL ගේ නිවසට
ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 41 දෙනා අද (09දා) සවස තමාගේ නිවසේ පැවැත්වෙන රැස්වීමට පැමිණෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණෙ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් මන්ත්රීවරුන්ගේ අදහස් විමසීමට මෙම හමුව සංවිධානය කර තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.
මෙහිදි සාකච්ඡා කිරීමට නිශ්චිත දේශපාලන කරුණක් ගැන අවධානය යොමුකර නැති බවත්, සමස්ත දේශපාලන ක්රියාවලිය සම්බන්ධව සාකච්ඡා කරන බවත් ඒ මහතා ප්රකාශ කළේය.
සභාග ආණ්ඩුවක් සම්බන්ධව ඇතැම් පාර්ශ්ව සඳහන් කළද මේ දක්වා එවැනි සාකච්ඡාවක් සිදුකර නැති බවද ඔහු පවසා සිටියේය.

popular news
-
rocky Tuesday, 09 October 2018 06:27 PM
හිර ගෙදර සිටිය යුතු කී දෙනෙක් ඔතන ඉන්නවාද?
Reply : 0 0
Saththaya Wednesday, 10 October 2018 09:47 AM
මේ මන්ත්රීවරුන් 41 දෙනාටත් වියදම් කරන්නේ මහජන මුදලින් . ( ඒ දවස්වල මහජනයා මහන්සියෙන් උපයා ගත් මුදලින් ) කවදාක්වත් තමාගේ පුද්ගලික මුදලින් වියදම් කරලා නැත . තවමත් ඒ බර ජනතාවටම තමය් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

