පොහොට්ටුවේ අපේක්ෂකයා ජනපතිවරණය ජයගෙන අවසන්
ලබන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරුන් ඉදිරිපත් කළද මේ වන විට එම අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට අවශ්‍ය 50%ක ඡන්ද ප්‍රමාණය ලබාගෙන අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින ජනප්‍රියම ජනාධිපති අපේක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවද හෙතෙම පැවසීය.
ඊළඟ මහමැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 04ක් පමණක් හිමිවනු ඇතැයිද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධීපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියට ඉදිරිපත්වීමට අවස්ථාව තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

popular news
-
Dayan Wednesday, 29 August 2018 06:36 PM
එහෙනම් චන්දෙ දෙන්න ඕන නැත.
Reply : 0 0
rocky Wednesday, 29 August 2018 06:41 PM
මේ රටේ ද? නැත් නම් මැදමුලන වැයික්කියට විතර ද ?
Reply : 0 1
Don Wednesday, 29 August 2018 08:51 PM
This man has never stopped talking after chasing out from the government for betrayal
Reply : 0 1
HECTOR Wednesday, 29 August 2018 08:52 PM
අනේ මෙහෙම මැටි මොලෙක්. ඔහොම කියා කියා සේප්ටෙම්බෙර් 05 සෙනග එකතු කරන්නඊ බලන්නේ. 25,000 ගේන්නේ ගත්තොත් මම පුදුම වෙනවා. වහල්ලු ටික එඉ
Reply : 0 1
Champa Wednesday, 29 August 2018 09:31 PM
කොයි තරම් ෂුවර්ද? හරියට අර 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් දිනලා මහින්ද අගමැති වෙනවාමයි කියලා කියපු තරම් ෂුවර්ද? එහෙනම් කමක් නැහැ. විශ්වාස කරන්න පුළුවන්. ලකාවේ දේශපාලකයෝ දන්නේ නැති වුනාට ජනතාව ඒ ගොල්ලෝ දාල හුඟක් ඉස්සරහට ගිහින්.
Reply : 0 1
SUSA Thursday, 30 August 2018 11:19 AM
එහෙනම් දිවුරුම් දෙන්න කියන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

