පොහොට්ටුවෙන් නියත වශයෙන්ම එන්නේ රාජපක්ෂවරයෙක්
ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන්ම රාජපක්ෂවරයෙකු ඉදිරිපත් වන බව පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ මහතා පැවසීය. හෙතෙම මේ බව පවසා සිටියේ, වැලිකන්ද, කරපොළ, දමිළ ගම්මානයේ ඊයේ (21දා) පැවැති තෛපොංගල් උත්සවයකට සහභාගි වෙමිනි.
" මේ ආණ්ඩුවේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළ නිසා ජනතා බලය, ඡන්ද බලය දවසින් දවස අඩු වෙනවා. කවුරු මොනවා කිව්වත් අද වැඩි පිරිසක් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහතා එක්ක. ඒ නිසා අපි ඉදිරි ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහු නම්කරන අපේක්ෂකයෙකු මේ රටේ ජනාධිපතිවරයා බවට පත්කරනවා.
ඒක ස්ථිරයි. අද පොළොන්නරුවේ වැලි මාෆියාවක් තියෙනවා. මෙතැන හොර ගුහාවක් වෙලා. අපේ පොහොට්ටුවේ ජනාධිපතිවරයෙකු පත්වුණු ගමන් වංචා, දූෂණ, හොර වැඩ නවත්වලා ජනතාවට ඒ සහන ලබා දෙනවා" යැයි පවසා සිටියේය.
මනම්පිටිය - නිමල් ජයරත්න

popular news
- 
                            rocky Wednesday, 23 January 2019 06:06 AM ඒ කියන්නේ අපරාධ චෝදනා තියන කෙනෙක්? එහෙම නම් පරාදයි, ෂුවර්! Reply : 0 1 ase Wednesday, 23 January 2019 09:36 AM "අපේ පොහොට්ටුවේ ජනාධිපතිවරයෙකු පත්වුණු ගමන් වංචා, දූෂණ, හොර වැඩ නවත්වලා ජනතාවට ඒ සහන ලබා දෙනවා" යැයි පවසා සිටියේය." මොකෙන්න්ද මේ කියවන්නේ ?? අපි නොදන්නා මොනරතැන්න Reply : 0 1 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                