අධ්‍යාපනය සම්බන්දයෙන් නීති රීති ජනමාධ්‍ය තුල පළ වන ප්රවෘත්ති මත ඇති නොබව බවත් නව නීති රීති ඇති කිරීම පාර්ලිමේන්තුව හරහා සාකච්ඡා කර සිදු කරන බවත් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ අටවන දිනය සඳහා අද (01දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
පාසල් කාලය තුල පවතින ප්‍රධාන විභාග දෙක(උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ) හේතුවෙන් අපතේ යන කාලය අවුරුද්දකින් පමණ අඩු කර සිසුන් සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය කඩිනම් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.
මේ අතර මෙවර අයවැය ලේකනයෙන් 7% ඉක්මවූ මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව සඳහන් කළ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,
මම කියන්න ඔ්නී ජනමාධ්‍යයේ පළවෙන ප්රවෘත්ති මත නීති රීති ඇති වෙන්නේ නැහැ. නීති රීති ඇති කරන්න මත්තෙන් අනුමත කරන ජාතික වැඩපිළිවෙලවත් තිබෙනවා නම් අපේ අමාත්‍යාංශයෙන් ඒ සෑම වැඩපිළිවෙලක්ම පාර්ලිමේන්තුවේ පළමුව සාකච්ඡා කර තමයි අපි සම්මත කිරීමකට පැමිණෙන්නේ. විශේෂයෙන් සඳහන් කරන්න ඔ්නී බොහෝ අය සංඛ්‍යා ලේකන සකස් කරන්නේ අපි ඉදිරියේ තිබෙන කාරණාව පමණක් සකස් කරගෙන. මම හිතනවා මට පෙර කතා කළ රවුෆ් හකීම් හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට අමතක වෙන්න ඇති දැවැන්ත මුදලක් පළාත් සභා වැය ශීර්ෂයේ තිබෙනවා අධ්‍යාපනය සඳහා. ඒ වැය ශීර්ෂයන් ඒකාබද්ද කර ගනිමින් තමයි අධ්‍යාපන වැඩසටහන ගමන් කරන්නේ. පසුගිය අවුරුදු 20 දිහා බලනකොට ක්රමානුකූල පාසල් රාශියක් වැසී ගිහින් තිබෙනවා. මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පාසල් වැසීමට එකඟතාවයක් පළ කරන්නේ නෑ කියලා මම විශේෂයෙන් විපක්ෂයට කියන්න ඔ්නී. ඒ වගේම වසා දමපු පාසල් වල භූමි භාගයන්, ගොඩනැගිලි ප්‍රයෝජනයකට පරිවර්ථනය කර ගන්න ඔ්නී.
ගුරු විදුහල්පති වැටුප් වල නිර්දේශය අනුව රුපියල් බිලියන 32ක අතිරේක ප්‍රමාණයක් මේ ප්රශ්නය විසඳීම සඳහා ඉතිහාසගත පියවරක් රජය අරගෙන තිබෙනවා. ඒකට මුදල් වෙන් කරලා තිබෙනවා අයවැයෙන්. අපේ අයවැය ලේකනයේ 07% ඉක්මවමින් මූල්‍ය ප්‍රතිපාදන අධ්‍යාපනයට වෙන් කරලා තිබෙනවා. විශ්ව විද්‍යාල ගැන කතා කලෝත් විශේෂයෙන් සඳහන් කරන්න ඔ්නී, මම හිතනවා විපක්ෂයත් එකඟ වෙයි කියලා. අපේ බලාපොරොත්තුව විභාග දෙකක් නිසා ප්‍රමාද වී අපතේ යන කාලය අඩු කරලා ඒ අවුරුද්ද අඩු කර ගැනීමට සමස්ථව ගෙනෙන්ට. ඒ අනුව විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන කාලය කලින් ලබා ගැනීමට අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුලුවන්කම තිබෙනවා. ඒ විතරක් නෙවෙයි වෛද්‍ය ක්ෂේත්‍රයත් සමග සාකච්ඡා කරගෙන යනවා ඒ ක්ෂේත්‍ර වලට ප්‍රමාදයක් තිබෙන විභාග, ප්‍රතිපල හා පන්ති ඇතිවී තිබෙන ප්‍රමාදය අඩු කර ගනිමින් කලින් වෛද්‍යවරයෙක් ඇති කර ගන්න පුලුවන්කම තිබෙනවාද කියලා ජාත්‍යන්තරව බාධාවක් නොවෙන. යනුවෙන්ද සඳහන් කළේය.