පස්පොඩ්ඩාට වෙඩි තැබූ වෙඩික්කරු කටුනායකදි අල්ලයි
ගම්පහ ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුව සිටි " පස් පොඩ්ඩා " නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර වෙත පළා ගොස් සිටි වෙඩික්කරු 06/10 දින උදෑසන යළි මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
මොහු මීගමුව , කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇටැම්පොළ ආරච්චිලාගේ අවිෂ්ක මධුසංඛ නැමැති අයෙකි .
මොහු ගම්පහ " පස් පොඩ්ඩා " ට ඉකුත් 2022 ජූලි මස වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව , එසැනින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර බලා පළා ගොස් තිබුණි .
ඉන්පසුව 06/10 දින උදෑසන 06.07 ට සජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.එන්. - 502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එසේ පැමිණෙමින් සිටි මෙම වෙඩික්කරු වෙත ගුවන් ගමන් තහනමක් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ අතර , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හදුනා ගෙන , අත් අඩංගුවට ගෙන , පසුව කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී.ජේ.සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මොහු ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ,මෙම වෙඩික්කරු ගම්පහ පොලිසිය වෙත භාර දීමට පියවර ගනිමින් තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

