පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 25කට අධිචෝදනා - චෝදනා 23270ක්
2019 වසරේ අප්‍රේල් 21 පාස්කු දිනයදා එල්ල කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 25ක් වෙත නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිචෝදනා ගොනු කර තිබේ.
කොළඹ මහාධිකරණය හමුවේ අද (10දා) මෙම අධිචෝදනා ගොනුකර තිබේ. නවුෆර් මව්ලවි, සජීඩ් මව්ලවි, මොහොමඩ් මිහාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ නොහොත් ගවුෆර් මාමා, මොහොමඩ් සනාස්ඩීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු පිරිසක් වෙත මෙසේ අධිචෝදනා ගොනුකර තිබේ.
අධිචෝදනා ගොනුකරමින් නීතිපතිවරයා අගවනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම චෝදනා විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් පත්කරන ලෙසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ගැනෙන චෝදනා, කුමන්ත්‍රණය කිරීම, පුපුරණ ද්‍රවය හා අවි ආයුධ රැස්කිරීම, ඝාතනය හා ඝාතනය කිරීමට උත්සාහ යනාදී වශයෙන් චෝදනා 23270ක් සැකකරුවන් වෙත ගොනුකර තිබේ.
popular news
-
Demuni Uduwara Wednesday, 11 August 2021 01:44 AM
Please don't include Gota and M Sirisena to the alleged list !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

