පොලිස් ඉතිහාසයේ සුවිශේෂී වෙනස්කමකට අවධානය
ඉතිහාසයේ පළමු වතාවට පොලිස් අධිකාරීවරියන්ට පොලිස් කොට්ඨාස බාරදීම සඳහා පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබේ.
මීට අමතරව පොලිස් ස්ථානාධිපති තනතුරට පොලිස් නිලධාරිනියන් පත් කිරීමටද අවධානය යොමුවී තිබේ.
මේ අනුව 492ක් වන පොලිස් ස්ථාන වෙත ස්ථානාධිපතිවරුන් පත් කිරීමේදී කාන්තා නිලධාරිනියන්ට අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබේ.
මේ අනුව මේ වසර අවසානයේදී පොලිස් ස්ථානාධිපතිවරියන් පත් කිරීමට නියමිත අතර, කොට්ඨාසයක් බාර නිලධාරිනියන් පත් කිරීම ලබන වසරේදී සිදු කිරීමට නියමිතය.
මීට අදාළ තෝරාගැනීම් මේ වනවිට සිදුකරමින් තිබෙන බවද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
විවිධ ඒකක බාරව පොලිස් අධිකාරීවරියන් සේවය කළද පොලිස් කොට්ඨාසයක් බාරව පොලිස් අධිකාරීවරියක් මෙතෙක් පත්කර නොමැත. මේ නිසා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අදහසකට අනුව මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

popular news
-
ravi Wednesday, 05 September 2018 10:59 AM
මේ..ශුවිශේෂ අවස්ථාව අපි ඉතා අගයකොට සලකමු ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

