යාපනය පලාලි ගුවන්තොටුපළ ඡාත්‍යන්තර ගුවන්තොටුපළක් වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් විවෘත කිරිමට සියල්ල සූදානම් කොට ඇත.
පසුගිය යුද සමයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව තුළ ගුවන් ගමන් කටයුතු සිදු කළ පලාලි ගුවන්තොටුපළ රුපියල් මිලියන 2,250 ක් තරම් වූ මුදලක් යොදමින් පලාලි ගුවන් තොටුපළ පුළුල් කොට සංවර්ධනය කිරිමෙන් පසුව මෙසේ විවෘත කිරිමට පියවර ගෙන ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග , නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ , උතුරුපළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා, ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං යන අයගේ සහභාගීත්වයෙන් පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් වශයෙන් මෙම මස තුළ විවෘත කිරිමට සූදානම් කොට ඇත.
යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට දැනට ආයෝජනය කොට ඇති මුළු මුදල වූ රුපියල් මිලියන 2 ,250 ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යොදවා ඇත.
