යාපනය වඩුක්කෝඩ්ඩෙයි පොලිස් වසමේ තෝල්පුරම් ප්‍රදේශයේ නවසක් ඉදිකිරීම සඳහා සවිකර තිබූ පලංචියකින් ඇදවැටී 11 හැවිරිදි දරුවෙකු ඊයේ (08) දින මිය ගොස් ඇති බවට පොලීසිය පැවසීය.
තොල්පුරම් ප්‍රදේශයේ ඉදිවෙමින් තිබූ නිවසක සවිකොට තිබූ පලංචියකට මිය ගිය දරුවා සහ තවත් දරුවෙකු නැග සෙල්ලම් කොට ඇති අතර එහිදී එක් දරුවකුගේ පය ලිස්සා බිමට ඇදවැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය පැවසීය.
දරුවන් දෙදෙනා නිවැසියන් නොමැති අවස්ථාවක මෙලෙස පලංචිය මතට නැග සෙල්ලම් කොට ඇති අතර පලංචියෙන් වැටීමෙන් බරපතල තත්වයේ සිටි දරුවා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ තෝල්පුරම් ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි ජෙයචන්ද්‍රන් තජිධරන් නැමති දරුවෙකු වන අතර වඩුක්කොඩ්ඩෙයි පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.