පේරේ දෙවැනි වසර ඉංජිනේරු සිසුන්ට සරසවිය තහනම්
පේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට දෙවැනි වර්ෂයේ සිසුන් නවක වදය දෙන බවට ලද පැමිණිලි මත දෙවැනි වසරේ සිසුන්ට එම පීඨ භූමිය තහනම් කලාපයක් කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය අද (16දා) තීරණය කළේය.
ඒ අනුව එම පීඨයේ නේවාසිකාගාරවල සිටින දෙවැනි වසරේ සියලුම සිසුන්ට නේවාසිකාගාර වලින් ඉවත් වී නිවෙස් කරා යන ලෙස පාලන අධිකාරිය විසින් දැනුම් දී තිබේ.
එම පීඨයේ පළමු වසරේ සිසුන්ට දෙවැනි වසරේ සිසුන් විසින් නවක වදය දෙන බවට පළමු වසරේ සිසුන් ගේ දෙමව්පියන් විසින් පාලන අධිකාරියට කරන ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් පීඨ උපදේශක සභාවේ නිර්දේශය මත මෙම තීරණය ගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවසීය .
ඉංජිනේරු පීඨය දෙවැනි වසරේ අධ්‍යයන කටයුතු පමණක් මේ අනුව අත්හිටුවන බවත් එම පීඨයේ අනිකුත් වසරවල මෙන්ම සෙසු පීඨවල අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි සිදුකරන බවත් නවක වදය ලබා දෙන සිසුන් හඳුනා ගැනීමට පුළුල් වැඩපිළි පිළිවෙලක් දියත් කර තිබෙන බවද උපකුලපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ෂේන් සෙනෙවිරත්න
popular news
-
Joseph de Silva Wednesday, 16 September 2020 02:02 PM
Shame. Al the offenders shall be suspended.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
