පරාජය වූ අයට සජිත්ගේ ජාතික ලැයිස්තුවෙන් ඉඩක් නෑ
පරාජය වූ අයට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව නොදෙන බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“වටකරලා ගල් ගහද්දී අපිට පුළුවන් වුණා ශක්තිමත් ගමනක් ආරම්භ කරන්න. මේක තමයි අපේ රටේ තිබෙන එකම දේශපාලන විකල්පය මේ බලවේගය තමයි ඉදිරියේදී රටේ වගකීම භාර ගන්නා බලවේගය.
ප්රජාතන්ත්රවාදී ඉතිහාසය තුළ මේ තරම් මහා ජනබලවේගයක් ගොඩනැගුනු එකම දේශපාලන බලවේගය සමගි ජනබලවේගය. පොහොට්ටුවට පළාත් පාලන මැතිවරණයට සූදානම් වෙන්න වසර දෙකක් ගියා.
ආණ්ඩු බලය ලබාගන්න වසර හතරක් ගත වුණා. නමුත් අපේ දේශපාලන බලවේගය මාස එක හමාරක් දෙකක් අතර මේ තරම් ඡන්ද ප්‍රමාණයක් ලබාගත්ත දේශපාලන බලවේගයක් ගොඩ නැගිලා නෑ.
පරාජය වුණ අයට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව දෙන්නේ නෑ. ඒ ප්‍රතිපත්තිය අපි ක්‍රියාත්මක කරනවා.”
popular news
-
Demuni Uduwara Sunday, 09 August 2020 12:42 AM
Both you and Ranil splitted 74 year-old UNP for power greed and victims were real permanent and loyal members and sympathizers.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

