පාර්ලිමේන්තු සභා ගැබේ කලහකාරී හැසිරීම් වාර්තාව අනිද්දා
පාර්ලිමේන්තු සභාගර්භය තුළ කලහකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් සම්බන්ධ වාර්තාව අනිද්දා(22දා) පාර්ලිමේන්තුවේදී සභාගතකිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.
පසුගිය නොවැම්බර් 15, 16, 17 යන දිනයන්හිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ කලහකාරී ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කථානායක කරු ජයසූරිය මහතා තේරීම්කාරක සභාවක් පත්කළේය.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් නම්කර තිබූ අතර, ඔවුන් සකස් කළ වාර්තාව මීට සති කිහිපයකට ඉහතදී කථානායක කරු ජයසූරිය මහතාට භාරදීමට කටයුතු කර තිබිණි.
මෙම වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා යම් කාලයක් අවශ්‍ය බව කථානායකවරයා එහිදී ප්‍රකාශ කර තිබූඅතර, ඉන්පසුව අනිද්දා(22දා) දිනයේදී එය සභාගත කිරීමට කථානායකවරයා තීරණය කර තිබේ.
මෙම වාර්තාව සභාගත කිරීමෙන් පසුව එහි ඉදිරි කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් මගින් තටයුතු කළ හැකි බවද පාර්ලිමේන්තු ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව පාර්ලිමේන්තුවේ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද මේවනවිට පරීක්ෂණයක් පවත්වයි.

popular news
-
Nimal Wednesday, 20 February 2019 02:02 PM
මේවා නිකම්ම නිකන් commission වාර්තා පමණි. ආණ්ඩුවේ අනික් වාර්තා වගේම හමස් පෙට්ටියට යඉ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

