පාර්ලිමේන්තුව තවත් මාස 06කින් පසුව විසුරුවා හැරීමට ඉඩ තිබෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පැවසීය.
ඒ අනුව මාස හයකට පසුව නව පාර්ලිමේන්තුවක් පත්වනු ඇති බවද කථානායකවරයා සඳහන් කළේය.
මහජනතාවට පාර්ලිමේන්තුවේ කටයුතු තවදුරටත් දැනගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
අටවැනි පාර්ලිමේන්තුව තුළ මහජනතාවට පාර්ලිමේන්තුවේ කටයුතු දැනගැනීමට අවස්ථාව ලබාදුන් බවත්, මහජනතාවට වැදගත්වන නීතිරීති රාශියක් සම්පාදනය කිරීමට හැකි වූ බවත් කථානායකවරයා පැවසීය.
තමා ඉදිරිපත් කළ තොරතුරු දැනගැනීමේ පනත හේතුවෙන් රාජ්‍ය ආයතනවල දූෂණය, නාස්තිය අඩු වී තිබෙන බවත්, පාර්ලිමේන්තුවේ කටයුතු තුළින් සමාජයට යුක්තිය, සාධාරණත්වය ඉටුකිරීමට බලාපොරොත්තු වෙන බවත් හෙතෙම සඳහන් කළේය.
එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ මූල්‍ය ආධාර යටතේ පාර්ලිමේන්තුවේ නවීකරණය කරන ලද මාධ්‍ය මධ්‍යස්ථානය සහ අලුතින් ආරම්භ කළ පටිගත කිරීමේ මැදිරිය විවෘත කිරීමේ අවස්ථාවට අද (30දා) එක්වෙමින් කරු ජයසූරිය මහතා මේ බව පැවසීය.
පාර්ලිමේන්තුවේ අලුතින් ආරම්භ කළ ආංශික අධීක්ෂණ කාරක සභා සියල්ල මාධ්‍යයට විවෘත කරන බවත්, එවිට එම කාරක සභාවල සිදුවන සත්‍ය තත්ත්වය මහජනතාවට දැකබලා ගැනීමට හැකි වන බවත් කථානායකවරයා සඳහන් කළේය.
