පාර්ලිමේන්තුවේ සභා කටයුතු අද (08දා) දිනයේදී පැයක කාලයකට සීමා විය.
ලබන 23 දා දක්වා සභාව කල්තැබුණු අතර අද දිනයේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබූ බොහෝ කටයුතු එදිනට සළකා බැලීමට නියමිතය.
ඒ සඳහා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇමතිවරුන්ට යොමුකර ඇති ප්‍රශ්න කාරක සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් අනුව වෙනත් දිනකට යොමුකරන බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.