ප්‍රේමලාල්ට දඬුවම් දුන්නෙත් පාර්ලිමේන්තුවට එන්න ඉඩ දුන්නෙත් අධිකරණයෙන්
ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට මරණ දඩුවම නියම කිරීම සහ පාර්ලිමේන්තුවට පැමිණිමට ඉඩ ලබා දීම අධිකරණ නියෝග බවත් ඒ සදහා වත්මන් ආණ්ඩුව මැදිහත් නොවුන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයකට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය,
“අපි දැක්කා මේ සභාවේ විරැද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු කලු පාට සාටකයක් දාගෙන ඇවිල්ලා ඉන්නවා. එහිදී මේ අය කියනවා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ආපු එක වැරදියි කියලා. ඔහුට මරණ දඩුවම නියම කළෙත් අධිකරණය. ඔහුට පාර්ලිමේන්තුවට යන්න පුලුවන් කියලා තීරණය කළෙත් අධිකරණය. මේ ආණ්ඩුව ඇවිල්ලා කිසිදු විනිශ්චයකාර වරයෙක් කොහේටවත් මාරු කරලා නෑ. තළතා අතුකෝරාල ගෙනාපු විනිශ්චයකාරවරු තමයි ඒ අවස්ථාවෙත් හිටියේ.
එහිදී එක විනිශ්චයකාරවරයෙක් දෙනවා මරණ දඩුවම. තව අධිකරණයක විනිශ්චයකාරවරයෙක් දෙනවා පාර්ලිමේන්තුවට එන්න පුලුවන් කියලා. ඇප ඉල්ලුවාම ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරයට යනවා. ඒ අනුව එම දඩුවම අත්හිටුවෙනවා. ඒ රිමාන්ඩ් සිරකරුවාට මේ පාර්ලිමේන්තුවට එන්න පුලුවන් කියලා අධිකරණය කියනවා. ඒත් නීතිපති කියනවා එහෙම බෑ කියලා. නීතිපතිගේ තර්කත් අනිත් අයගේ තර්කත් අහලා විනිශ්චකාරයා කියනවා නෑ පාර්ලිමේන්තු එන්න පුලුවන් කියලා ඔහුට. මේක පසුගිය ආණ්ඩුව හදපු ස්වාධීන අධිකරණය. අර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා දුරකතන ඇමතුම ලබා ගත් උසාවිය. ඉතින් පසුගිය ආණ්ඩුව හදපු ස්වාධීන අධිකරණයෙන් තමයි මේ තීන්දු ලබා දෙන්නේ. ඒ තීරණ වලට සභාවේ විරෝධය පළ කරලා වැඩක් නෑ. ඒකට අධිකරණය ඉදිරිපිටට යන්න. ජනාධිපතිවරයාවත් ආණ්ඩුවවත් නෙවෙයි ඒ තීරණය ගත්තේ.

popular news
-
Kumar Thursday, 10 September 2020 08:54 PM
The Justice who allowed the convicted killer to attend the legislature must have been thinking of the future prospects. Now that he is an MP his defense will be conducted by the government like in US. In the US the Justice department lawyer will be defending the president in a rape case which happened before he became president. So what's the difference.
Reply : 0 0
Kumar Friday, 11 September 2020 08:01 AM
Now that a death sentence is not a hindrance to attend parliament, all drug mudali's should consider entering in to politics. Spend money get elected. A good judge has established a precedent that amounts to once elected nobody can touch a convict. Get going guys you even get a hug from the speaker of the house.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

