පාරමිතා පාගමන නිමවමින් රාජා නැඳුන්ගමුවට
මහනුවර දළදා පෙරහරෙහි 12 වෙනි වරටත් සධාතුක කරඩුව වැඩමවු නැදුන්ගමුව රාජා හස්තියා ගම්පහ නැදුන්ගමුවේ සිය හාම්පුතාවන වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතා හමුවට පැමිණෙමින් සිටියදී චාරිත්‍රානුකූලව පිළිගැනීමක් ඊයේ (3) පෙරවරුවේ යක්කල ආයුර්වේද පරිශ්‍රයේදී සිදුකෙරිණි.
යක්කල ආයුර්වේද රෝහල සහ ආයුර්වේද වෛද්‍යායතන කාර්ය මණඩලය විසින් මෙම පිළිගැනීම සංවිධානය කොටතිබු අතර මෙහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කොට හස්තියාට පිරිත් නුලක් පැළදවීමෙන් අනතුරුව කාර්ය මණ්ඩලය ඇතුලු ජනතාව පළතුරු වලින් සංග්‍රහ කරනු ලැබුහ.
යුද හමුදා රැකවරණය මධ්‍යයේ දළදා පෙරහරට සහභාගිවීම පිනිස පාගමනින් ගම්පහ ; නැදුන්ගමුව සිට මහනුවර දක්වා ගොස් ආපසු පැමිණෙන අතර ආසියාවේ සිටින උසම හීලෑ හස්තියා ලෙස සැලකෙන 65 හැවිරිදි රාජා හස්තියා මෙලෙස පාගමනින් යාම " පාරමිතා පිරීමක් " ලෙසින් හැදින්විය හැකි බව රාජාගේ හාම්පුතාවන වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.
ප්‍රධාන ඇත් ගොව්වාවන විල්සන් කොඩිතුවක්කු මහතා ඇතුලු සහායකයින් කිහිප දෙනෙකු රාජා හස්තියා රැකබලා ගනිමින් පා ගමනට එක්ව සිටියහ.
ගම්පහ තිලකරත්න දිසානායක



popular news
-
Champa Monday, 03 September 2018 05:38 PM
මහ දල ඇතෙක් වුනාට අනේ පොඩි දරුවෙක් වගේ. පාරමිතාවක්ම වෙන්න ඇති තමයි පයින්ම යනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

