පේරාදෙණිය පොලිසියේ 28 දෙනෙකු PCR පරික්ෂණයට
පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බව තහවුරු විමෙන් පසුව එම නිලධාරියා රාජකාරි කල රථවාහන අංශයේ හා පොලිසියේ ආශ්‍රිතයින් 28 දෙනෙකුගේ පී සී ආර් පරික්ෂණ අද (17) සිදු කරණු ලැබීය.
මෙම පොලිස් නිලධාරින් සියලුම දෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරිමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා මහතා පවසා සිටියේ එම නිලධාරියා තමන්ගේ පෞද්ගලික රථයකින් පොලිසියට පැමිණ ඇති බවත් උණ ගතිය ඇති බව පැවසිමෙන් පසුව එම මොහොතේම රෝහල් ගත කිරිමට කටයුතු කල බවද පැවැසිය.
එම පොලිස් නිලධාරියාගේ නිවසේ අයද හාල් මිලදි ගත් හාල් මෝලේ අය සහ තවත් භාණ්ඩ මිලදි ගත් වෙළද සැලක අයද ස්වයං නිරෝධායනයට ලක් කල බවද පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසුවේය.
පොලිසියට පැමිණෙන මහජනතාවගේ හා පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාව පතා (16 හා 17 ) යන දින වලදි පොලිසියේ සියලුම භාණ්ඩ හා පොත් පත් විෂබීජහරණයට ලක් කල බවද පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවැසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

