පරික්ෂණ පවත්වන්නේ නැතුව මාධ්‍ය මගින් ක්‍රීඩකයින්ට චෝදනා කිරිම වැරදියි
අවුරුදු 9ක් තුල පරික්ෂණ පවත්වන්නේ නැතුව මාධ්‍ය මගින් ක්‍රිඩකයින්ට චෝදනා කිරිම හෙළා දකින බව නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි වි.රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.
ඒ මහතා එසේ පැවසුවේ හැටන් නගරයේ දී දේශපාලන සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු මන්ත්‍රීවරයා,
ඊයේ පෙරේදා මාධ්‍ය මගින් දකින්න ලැබුනා එක් ඇමතිවරයෙක් පවසලා තිබුණා 2011 වර්ෂයේදි ඉන්දියාව හා ශ්‍රිලංකාව අතර පැවති ක්‍රිකට් තරගයක් පාවාදීම සම්බන්ධව. ඒක ඇත්තද බොරුද කියලා මේ අවුරුදු 9 තුල පරික්ෂණ කරන්න තිබුනා. එහෙම නැතුව මාධ්‍ය මගින් කියලා ක්‍රිඩකයින්ට අපහාස කරන එක මම හෙලා දකිනවා. එමෙන්ම අපේ ක්‍රිඩකයින් කෙදිනකවත් එසේ කරන අය නොවේ. එවන් අවස්ථාවක අපේ ලංකාවට ක්‍රිඩකයින්ට අවනම්බුවක් කරන එක වැරදියි.
එක්සත් ජාතික පක්ෂය හිටපු අය තමයි සමගි ජනබල වේගය හදාගත්තේ. එතකොට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. දෙගොල්ලන්ට චෝදනා කර ගන්න පුළුවන්. ඒක එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා අපි ඒ ගැන වැඩිය කතා කරන්න කැමති නෑ. එමෙන්ම සමගි ජනබල වේගය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසන 5ක් දිනා ගන්නා බවද ඔහු පැවසීය.

popular news
-
Don Monday, 22 June 2020 05:52 PM
I am sure that the people who love Cricket will teach a lesson at the coming Elections.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
