ගල්කිස්ස, බොරුප ප්‍රදේශයේදී කාර් රථයක් තුළ සිට පෙම් යුවළක් අශෝබන ලෙස හැසිරුණායැයි බිය ගන්වා ඒ සඳහා නීතිමය කටයුතු නොකිරීමට නම් රුපියල් 50000ක් ඉල්ලා රුපියල් 30000ක් බලෙන් ලබාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
පසුගිය 02 දා මෙම සිදුවීම සිදුව තිබේ. අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත දකුණ දිසාවට ලැබුණ තොරතුරක් අනුව කළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ගල්කිස්ස පොලිස් ස්ථානයට අනියුක්ත්ව රාජකාරී කළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊයේ (04දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.