පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
ඉපලෝගම පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු කලාවැව, ධාතුසේනපුර දියවර ගම්මානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලාවැව, විජිතපුර ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ව්‍යාපාරිකයෙකි.
ජෙලට් නයිට් කූරූ 243ක්, වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 12.5ක්, ඩෙටනේටර් 145ක් සහ ඇමෝනියා නයිට්රේට් කිලෝග්‍රෑම් 36කට වැඩි ප්‍රමාණයක් ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයක තිබී සොයා ගැනිමට හැකි වි තිබේ.
සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට අද (07) ඉදිරිපත් කිරිමට නියමිතය.

-
Champa Tuesday, 07 May 2019 06:20 PM
ෂූ...... බලාගෙන ඔන්න... ජනාධිපතිගෙන් අහන්න අල්ල ගත්තේ මුස්ලිම් මිනිහෙක් කියල කිව්වට කමක් නැත්ද කියල. ඕනේ නම් කියන්න පුළුවන් ජනාධ්පතිගේ යාලුවෙක් අල්ල ගත්ත කියලා පුපුරන ද්‍රව්‍ය සමඟ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
