පේදුරුතුඩුව මුහුදු වෙරළෙන් කේරළගංජා කිලෝ 114ක් නාවික හමුදා අත්අඩංගුවට
යාපනය පේදුරුතුඩුව මුහුදු වෙරළේ සඟවා තිබූ කේරළගංජා කිලෝ 114ක් අද (07) උදෑසන නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේ සිට බෝට්ටු මාර්ගයෙන් පේදුරුතුඩුව මුහුදු තීරයට ගෙන ඒමෙන් පසුව මෙරට ජාවාරම් කරුවන් විසින් අදාළ කේරළ ගංජා තොගය සඟවන්නට ඇති බවටත් අදාළ කේරළ ගංජා තොගය රුපියල් කෝටි එකහමාරක් පමණ වටින බවටද නාවික හමුදාව කියා සිටියේය.
උතුරු නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ කේරළ ගංජා තොගය ප්රවාහනය සඳහා සූදානම් කර තිබියදී මෙසේ සොයාගෙන ඇත. කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ කිලෝදෙක ප්රමාණයෙන් යුත් කේරළ පැකට් 57ක් තිබී ඇති අතර නාවික හමුදාව වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් පළා ගොස් ඇත.
නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසිය වෙත භාරදෙනු ලැබීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

