පිදුරංගල පූජා භූමියේ අඩ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහැරීම ගැන පරීක්ෂණයක් ඕනෑ
ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථ පිදුරංගල ගල මත සිට අඩ නිරුවත්ව තරුණයන් සහ තරුණියන් පිරිසක් ඡායාරූප ගෙන සමාජ ජාල මාධ්‍ය හරහා ඒවා මුදාහැර තිබේ.
දේශීය තරුණ තරුණියන් පිරිසක් මේ ආකාරයෙන් ඉතාමත් අශෝභන ලෙස ඓතිහාසික පිදුරංගල ගලට නැග සීගිරි පව්ව පෙනෙන ආකාරයෙන් ඡායාරූප ගෙන සීගිරියට මෙන්ම පිදුරංගල රජමහා විහාරයටද අපහාස වන ආකාරයෙන් මෙම ඡායාරූප ලබාගැනීම සිදුකර ඇතැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.
ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථ පිදුරංගල ගල මත සිට අඩ නිරුවත්ව තරුණයන් සහ තරුණියක් ඡායාරූප ගෙන සමාජ ජාල මාධ්‍ය හරහා ඒවා මුදාහැරීම පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කොට මෙම පිරිස නීතියේ රැහැනට හසු කරගත යුතු බව පිදුරංගල රජමහා විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද නාහිමියෝ සඳහන් කරති.
සීගිරි පව්ව සහ පිදුරංගල කිලෝමිටර කිහිපයකින් ඈත්ව පවතින ස්ථාන දෙකකි. සීගිරිය එකල මහ රහතුන් වහන්සේලා වැඩ සිට, සීගිරිය බළකොටුවක් වන කාල සමයේ එහි වැඩ සිටි රහතුන් වහන්සේලාට පිදුරංගල නමින් රහතුන් වහන්සේලාට වැඩ සිටීමට ආරාම සකසා පූජා කළ ඓතිහාසික ස්ථානයක් බව පුරාවිද්‍යා ඉතිහාසඥයෝ පවසති.
සීගිරිය පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් මේ පිළිබඳ විමසීමට උත්සාහ කළද පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ මෙම ස්ථානයේ පුරාවිද්‍යා නිලධාරියෙකු සේවයේ නොමැති වීම නිසා ඔවුන් මේ ආකාරයෙන් හැසිරෙන්නට ඇති බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳ සොයා බලා ඉහළ නිලධාරීන්ට දැනුම්දීමට අවශ්‍ය පියවර ගන්නා බව එහි සිටි නිලධාරියෙක් සඳහන් කළේය.
එස්. කරුණාරත්න


popular news
-
Champa Monday, 24 September 2018 10:35 PM
මේ මොකක්ද මේ? ලංකාවේ මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ කොහොමද? අර අනාගමික රටවලවත් මිනිස්සු ඓතිහාසික වටිනාකම් තියෙන ස්ථානවල, ආගමික සිද්ධස්ථානවල මෙහෙම හැසිරෙන්නේ නැහැ. මේවා කරන අවජාතකයන් පූජනීය ස්ථාන කෙළසීම කියන වරදට යටත් කරලා ජීවිතාන්තය දක්වා සිරගත කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදහට පූජනීය ස්ථාන වුනත් කෙළසන්න තමන් ප්රජාතන්ත්රවාදී නිදහසක් දුන්න කියලා පාරම් බාන මෛත්‍රීගෙයි රනිල්ගෙයි හිස බූ ගාල රටින් පිටුවහල් කරන්න ඕනේ.
Reply : 0 61
Roy Berman Tuesday, 25 September 2018 09:33 AM
ඇදුම් වලින් සහා කොන්ඩ මෝස්තර මට තේරෙන්නේ මේ අය මුස්ලිම් අය.
Reply : 0 0
ඇත්ත සත්‍යපාල Tuesday, 25 September 2018 10:30 AM
ඔන්න බලන්න රටේ දක්ෂණ නීතිඥයෝ දෙතුන්දෙනෙක් සහ ප්‍රධාන පෙලේ සිවිල් සංවිධාන 7-8 එක්ක ඇමතිවරු 4-5 දෙනෙක් මේ අය බේරා ගන්නට ඉදිරිපත් වෙනවා. ඒ අතරම උසාවියෙන් අවවාදයක් මිස කිසිම දඩුවමක් ලැබෙන්නේ නෑ. රටේ සංස්කෘතියට ආගමට ජාතියට පහර දී අඩපන කරන විට එවැන්නන් බේරා ගැනීමට සැගවුණු සංවිධාන රැසක් සහ ඇති තරම් ඩොලර් තිබෙනවා. මේවා වෙන්නේ ඔන්න ඔය අකාරයටයි. බඩගින්නට පොල් හොරෙන් පොල් කැඩුවොත්, අසාධාරණය කතාකලොත් හෝ රට වෙනුවෙන් කැක්කුමෙන් වැඩක් කලොත් එවුන්ද හාන්සි.
Reply : 0 0
Dilki Tuesday, 25 September 2018 12:52 PM
මොකද්ද මේ ?. ශ්‍රී ලංකාවේ මේ වගේ ගොන්නුත් ඉන්නවද ?✋ .මේ වගේ ජාරා ෆෝටෝස් ප්‍රසිද්ධ වෙන්නේ කොහොමද ?සිගිරිය පිදුරංගල කන්ද නැගලා...මෙහෙම ෆොටෝ දාන්න තරම් මන්ද මානසිකයො කවුද ? මුන් මහ හරක්නේහ් ..ඒ මදිවට කෙල්ලොත් ඉන්නවා...නිරුවත් වෙලා ෆොටෝ දානවද මේ වගේ ආගමික ඓතිහාසික ස්ථානයක ඉදලා..මහ ජාරා යක්කූ ටිකක්නේ මුන්...මුන්ට මොලයක් නෑ....මොලයක් තියෙනම් මෙහෙම වැඩ කරයිද.?ශීක් මේ වගේ කාලකන්නි ...මූන් කරන ජාරා වැඩ ..මුන්ට නිතියෙන්ම තමයි දඩුවම් කරන්න ඕන..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

