කලා ඔයේ ජල මට්ටම ශ්රීඝ්රයෙන් ඉහළ යාමත් සමග පුත්තලම මන්නාරම මාර්ගයේ ගමනා ගමනය තවදුරටත් නවතා දමා ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය අවදානම් නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.
පුත්තලම ආපදා කළමණාකරන ඒකකයේ සහකාරඅධ්යක්ෂඒ.එම්.ආර්.එන්.කේ.අලහකෝන් මහතා පවසා සිටියේ කඳුකර පෙදෙස් වලට පවතින අධික වර්ෂාවත් සමග ගලා එන ජලය හේතුවෙන් කලා ඔයේ ජල මට්ටම ශ්රීඝ්ර ලෙස ඉහළ ගොස් ඇති බවයි.
මේ නිසා විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් මන්නාරම මාර්ගයට ගමන් ගන්නා පුත්තලම පිවිසුම වන එළුවන්කුලම ක්‍රොස්වේ සපත්තු පාලම මතින් අද දින වන විට අඩි පහකට ආසන්න ජල කඳක් ගලා යාම සිදුවන බවයි.
මේ නිසා මෙම මාර්ගයේ කිසිම අයුරකින් ගමන් කිරිමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් එසේම එසේ ගමන් කිරීම දැඩි අවදානම් බවද නැවත දැනුම් දෙන තුරු මන්නාරමට ගමන් කිරිමට පුත්තලම අනුරාධපුර මාර්ගය භාවිතා කරන ලෙසද අධ්යක්ෂවරයා ඉල්ලා සිටියේය.
මෙම මාර්ගය වැටි ඇති විල්පත්තුව වන උද්‍යාන භාර උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා පවසා සිටියේ අදාළ මාර්ගයේ ස්ථාන කිහිපයක් වැසි ජලයෙන් පිරි ඇති බවත් එසේම අධික මඩ සහිත විම නිසා කිසිම අයුරකින් වාහන ධාවනය කල නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් සිලාවතුර දෙසින් මුල්ලිකුලම් පිවිසුම ආසන්නයේ ඇති මෝදගම් ආරු පාලමට ඉහළින් ජලය ගලා යාම සිදුව ඇති බවයි.
ක්‍රොස්වේ සපත්තු පාලම ආසන්නයේ ජල මට්ටම ඉහළ යාමත් සමග මෙම ස්ථානයේ පිහිටි ක්‍රොස්වේ නාවික හමුදා අනු ඛණ්ඩයේ ඉදිකිරිම් රැසක් ජලයෙන් යටවි තිබු අතර එළුවන්කුලම වනජිවි කාර්යාල පිවිසුමේ නිලධාරින් දින කිපයක් පුරා මෙම ස්ථානයෙන් පුත්තලමට එමට නොහැකිව එම ස්ථානයේ රැඳි සිටින බව ද ඔවුන් පැවසිය.

