පටු දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව ජනතාවට සේවයක් ලබා දීමට කටයුතු කරන්නේ කෙසේද යන්න පෙන්වීමට හොඳම උදාහරණය '1990 සුවසැරිය' බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ හත්වන දිනය සඳහා අද (30දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,
"2016 ජූලි 28 වැනිදා පොඩියට '1990 සුවසැරිය' පටන් ගන්නකොට මම කිසිම විදියකට හිතුවේ නෑ 2021 නොවැම්බර් 30 වැනිදා වන විට රෝගීන් ලක්ෂ 10ක් හදිසි ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන්න පුළුවන් වෙයි කියලා. ඊයේ රෑ 12 වන විට 1990 සුවසැරියෙන් රෝගීන් 1,014,640ක් හදිසි අවස්ථාවලදී මේ රටේ තිබෙන සියලු රෝහල් සඳහා ගෙනගොස් තිබෙනවා. ඒ සඳහා දුරකථන ඇමතුම් 4,644,008ක් ලැබිලා තිබෙනවා. කොරෝනා සමයේ රෝගීන් ලක්ෂයකට වඩා සුවසැරියෙන් අරන් ගිහින් තිබෙනවා. අපි විශ්වාස කරනවා ලංකාවේ තිබෙන කාර්යක්ෂම සේවාවලින් එකක් කියලා මේ 1990 සුවසැරිය. ඒකට ප්‍රධානතම හේතුවක් ලෙස මම දකින්නේ දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව මේ සේවාව ක්‍රියාත්මක වෙන එක.
2018 අගෝස්තු මාසයේ අපි %1990 සුවසැරිය පනත^ කියලා එකක් මේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. අපි පරාජය වුණා. අලුත් රජයට අපි මේ වැඩ කටයුත්ත භාර දුන්නා. මම පෞද්ගලිකව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලියුමකින් දැන්නුවා මේකෙ සැලැස්ම මොකක්ද කියලා. එතුමාගේ ඍජු මැදිහත්වීම මත එයට අවශ්‍ය සියලු පහසුකම් ලැබිලා තිබෙනවා. එදා පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය වගේම අද මේ සේවාව භාරව ඉන්න සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය 1990ට ලබා දිය හැකි සියලුම ශක්තිය ලබා දුන්නා. මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. කොහොමද දේශපාලන භේදයකින් තොරව රටේ පුරවැසියන් වෙනුවෙන් වැඩක් කරගෙන යන්නේ කොහොමද කියන එක එතුමිය ආදර්ශවත් ලෙස මේ රටේ සියලු දෙනාටත්, ලෝකයටත් පෙන්වලා තියෙනවා. පටු දේශපාලන න්‍යාය පත්රවලට නොයා ජනතාවට සේවයක් ලබා දෙන්නේ කොහොමද කියලා පෙන්වන හොඳම උදාහරණය තමයි 1990 සුවසැරිය" යනුවෙන්ද ප්‍රකාශ කළේය.