පක්ෂ නායකයන් සහභාගීවන දේශාපාලන රැස්වීමකට සහභාගිකර ගත හැකි සංඛ්‍යාව 500ක් දක්වා වැඩි කිරීමට දේශපාලන පක්ෂ ඉල්ලීමක් කර ඇතැයි දැනගන්නට ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මේ පිළිබඳව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජයසිංහ මහතා සළකා බලමින් සිටින බවද දැනගන්නට ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
මැතිවරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව රැස්වීමකට සම්බන්ධ කර ගත හැකි සංඛ්‍යාව 100ක් බවට සීමා කර තිබේ.
රැළියකට එක්වන සංඛ්‍යාව වැඩිවන වූ විට යම් හෙයකින් කොවිඩ් ආසාදිතයෙක් එම රැළියේදී හමුවුවහොත් විශාල පිරිසක් ග්‍රහණය කර ගැනිමට අපහසු වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
