එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇති බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් හා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් අතර ඊයේ පැවැති සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කොට මීළඟ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දැනුම් දෙන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ
පක්ෂය සම්පූර්ණයෙන් ප්‍රතිසංවිධානය කර ජග්‍රාහී මාවතට ගෙන ඒමේ ක්‍රමවේදය සකස් කළ යුතු බවද ඔහු පෙන්වා දී ඇතැයි එම පක්ෂය නිවේදනය කරයි.