නොරෝච්චෝල ලක් විජය බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා දිම නැවති ඇති බවත් එය යථා තත්ත්වයට පීමට දින 4 කට ආසන්න කාලයක් ගත වනු බව ලංකා විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
ඊයේ (17දා) සමස්ථ විදුලි පද්ධතිය තුළ සිදු වූ බිද වැටීමත් සමග නොරෝච්චෝල විදුලිය නිපදවිම සිදුව තිබුණද එය ජාතික පද්ධතියට ලබා නොගැනිමත් සමග ස්වංක්‍රීයව සිසිල් පද්ධතිය තුළ ඇතිවු තාක්ෂණික කරුණු මත නැවති ගිය බවද සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
මේ හේතුව නිසා නැවත සිසිලන පද්ධතියට ජලය පුරවා යථා තත්වයට සිසිලන පද්ධතිය සකස් කිරිමට සිදුවන බවද ඒ හේතුවෙන් අඩුම වශයෙන් දින 4 කට ආසන්න කාලයක් ගත වනු ඇති බව ඔහු කියයි.
ජාතික විදුලි පද්ධතිය තුළ 17 දින ඇතිවූ තාක්ෂණික දෝෂයත් සමග රටපුරා සමස්ථ විදුලි පද්ධතියම ඇන හිට තිබුනී.
ජාතික පද්ධතියට නොරෝච්චෝලය ලක්විජය බලාගාරයෙන් 45% ක විදුලිය ලබා දිම සිදුවන අතර මෙහි විදුලිය නිශ්පාදනය නැවතිමත් සමග ජාතික අවශ්‍යතාවය සැපයිමේදි බාධා එල්ල වනු ඇති බව විදුලි බව මණ්ඩල ආරංචි මාර්ග පවසයි.