නෙලුන්දෙනිය ලිහිණියා කඩුව ප්රදේශයේ ජංගම රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (13දා) නීති විරෝධී මත්පැන් කසිප්පු මිලි ලීටර 9750 ,කසිප්පු පෙරීමට ගන්නා උපකරණ තොගයක් අඩංගුවට ගෙන තිබේ.
පසුව එම නිවස වැඩිදුර පරීක්ෂා කිරීමේ දී නිවස තුළ සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් , මෙ රට නිෂ්පාදිත කුඩා රිවෝල්වර අවියක්, ටී-56 වර්ගයේ පතරොම් ගැප් එකක්, ටී-56 වර්ගයේ උණ්ඩ විසිතුනක් ,විශේෂ කාර්ය බලකාය පාවිච්චි කරන m16 අවිය සඳහා යොදා ගන්නා ජීව උණ්ඩ 05ක්, දැදිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වරකාපොල රංගන රුවන්