නිවෙස්වලට වී පොසොන් ආගමික වතාවත් සිදුකරන්න
ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාවට ඒකරාශිවී පොදු කටයුතු කටයුතු වල නිරත වීමේ හැකියාවක් නොමැති බැවින් මෙවර පොසොන් උත්සවයද ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන නිවසේ සිට ආගමික කටයුතු සිදුකරන ලෙස කටයුතු කරන ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියෝ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිති.
සෞඛ්‍ය උපදෙස් වලට ගරු කරමින් කොවිඩ්-19 රෝගය මර්දනය කිරීම සඳහා රජය ගෙන යන උත්සාහයට සහාය ලබා දෙනද උන්වහන්සේ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිති.
පසුගිය වසරේ මෙන්ම මෙම වසරේ දී ද පොසොන් උත්සවය සිත් සේ සමරන්නට බෞද්ධ ජනතාවට අවකාශ නොමැති බැවින් නිවෙස් වලට වී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙ නිරත වන ලෙසත් ඉල්ලා සිටින මහා නායක හිමියන් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට ලොව්තුරා අමාමෑණි බුදු පියාණන්ගේ ශාන්ත ධර්මය මෙරට ස්ථාපිත කළ බවත් එවන් වටිනා පුන් පොහෝ දිනය නිවෙස් වලට වී සමරන ලෙසත් මහා උන්වහන්සේ වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
