නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක් සැකසේ
කොවිඩ් 19 වසංගතය පාලනය පිණිස රෝගාශ්‍රිතයන් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කරනු වස් නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබේ.
නිරීක්ෂණ කාර්යය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට පැවරේ. ආර්ථික සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීහූ, ග්‍රාම නිලධාරීවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිස් නිලධාරීහු ඊට අයත් වෙති.
කොවිඩ් වසංගතය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත රජය හඳුන්වාදුන් ක්‍රියාමාර්ග අතර නිවෙස්ගත නිරෝධායනය ප්රමුඛ ස්ථානයක් ගනී. රෝගාශ්‍රිතයන් ලෙස හඳුනාගන්නා අය දින 14ක කාලයක් පුරා නිරෝධායනය විය යුතුය. නිරීක්ෂණ කමිටුවට අයත් එක් එක් නිලධාරීයා සතියේ එක් එක් දවස තුළ නිරෝධායන නිවෙස් වෙත ගොස් එකී ක්‍රියාවලිය නිරීක්ෂණය කරනු ඇත.
සියලු නිවැසියන් නිවෙස්වල සිටින බව ඔවුන් තහවුරු කර ගත යුතුය. කිසියම් පාර්ශ්වයකින් ලැබෙන පැමිණිලි විමර්ශණය ද කණ්ඩායමේ වගකීමකි. රෝගීන්ගේ සහ ආශ්‍රිතයන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයෝ බැඳී සිටිති. නිරෝධායන නිවෙස්වල පවිත්‍රතාව සහ වෙනත් රෝගීන්, ආබාධිත හා වැඩිහිටි පුද්ගලයන් ගැන ද ඔවුන් අවධානය යොමු කළ යුතුය.
නිරෝධායන කාලය ඇතුළත පවුලේ සාමාජිකයෙකුට රෝගය ආසාදනය වුවහොත් සෙසු සාමාජිකයන් එතැන් සිට තවත් දින 14ක් නිරෝධායනය කරනු ලැබේ. නිවෙස්ගත නිරෝධායනය ආරම්භ වන සෑම විටම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අදාළ ග්‍රාම නිලධාරී වෙත ඒ බව නොපමාව දැනුම් දිය යුතුය.
නිවෙස්ගත නිරෝධායන පිළිබඳ නිරීක්ෂණ යාන්ත්‍රණයේ සංයුතිය සහ වගකීම් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍ර ලේඛයක් මගින් ඊයේ (25) දැනුම් දෙනු ලැබීය.
නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදු වන බව සහතික කිරීම අදාළ නිලධාරීන්ගේ විශේෂ වගකීමක් ලෙස සලකන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.
popular news
-
dhamneth Friday, 27 November 2020 10:48 AM
wides ratawala sita paminena lankikayantath niweswalama nirodanayawimata awasthawa salasadenna .asalwasi indiyaweth me wadapiliwala anumathakaranawa.samaharu wides gathawi thibenne thama niwes dora aguludama wasathaba.me ayata kisima prasnayak naha apasu ratata pamina thama niweswalama nirodanayawenna parikshaka mandalaye adhikshanaya yatathe.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

